______________________________

රුපියල් මිලියන 125ක අල්ලසක් ලබා ගන්නා අවස්ථාවේ එම වැටලීම සිදු කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ වැටලීම් අංශ නිලධාරීන් මේ සඳහා දැඩි කැප කිරීමක් කර ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග පවසනවා.

එම කොමිසමේ අධ්යරක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්රතමසිංහ මහත්මිය සඳහන් කළේ ඔවුන්ගේ සේවය තවදුරටත් දිරිමත් කිරීමට යම් දෙයක් කරන ලෙසට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බවයි.

මෙම නිලධාරීන් කණ්ඩායම සති තුනකට වැඩි කාලයක් මේ සඳහා  කැපවීමකින් කටයුතු කර තිබෙනවා.


රුපියල් මිලියන 125ක අල්ලස් වැටලීම් කණ්ඩායම බාරව කටයුතු කළේ පොලිස් පරීක්ෂක ගාමිණී අබේසිංහ මහතායි.


මෙහෙයුම සිදුකිරීමට තිබූ දිනයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට යෑම සඳහා තෝරා ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණයට ඔහු මුහුණදිය යුතුව තිබුණා.

සියලු ආර්ථික හෝ වෙනත් සාධක අත්හල මෙම නිලධාරීවරයා සාම සාධක හමුදාවට යාමේ අදහස ඉවතදමා මේ මෙහෙයුම ක්රිඅයාත්මක කළ බවයි කොමිසමේ ආරංචි මාර්ග පවසන්නේ.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ එවැනි කැපවීම් ඇගයීමට ලක් කළත්  අල්ලස් කොමිසම තුළ  එවැන්නක් ක්රි්යාත්මක නොවීමේ අඩුපාඩුව ද මේ අවස්ථාවේ පෙන්වා දිය යුතු වනවා.


f,dalh olskak wms;a iu. tl;=fjkak LIKE lrkak'

Follow Us On

RSS Feeds
Subscribe now

Sponsor

Off Air

Recent Post

All rights reserved © 2014 E Gossip